දේශද්‍රෝහි ලැයිස්තුවෙන් කැප්පෙටිපොළ ඇතුළු 18ක් ඉවතට

දේශද්‍රෝහි ලැයිස්තුවෙන් කැප්පෙටිපොළ ඇතුළු 18ක් ඉවතට

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කරමින් දඬුවම් කරන ලද 19 දෙනෙකු වසර 198කට පසු සියලු චෝදනාවලින් නිදහස් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඔවුන් වීරවරයින් ලෙස ඊයේ (08) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

1818 ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය ලබාදීම හේතුවෙන් එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාව සිටි රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා 1818 ජනවාරි 18 වැනිදා විශේෂ ප්‍රකාශනයක් මගින් ඔවුන් සියලු දෙනා දේශද්‍රෝහීන් ලෙස නම් කළේය.

ඒ අනුව ඊයේ ජනාධිපතිවරයා විසින් රාජද්‍රෝහීන් ලෙස නම්කොට තිබූ 1818/01/18 ප්‍රකාශය අවලංගු කොට ඔවුන් සියලු දෙනාට එල්ලවී තිබුණ චෝදනාවලින් නිදහස් කරමින් ඔවුන් සියලු දෙනා නිදහස් ශ්‍රී ලංකාවක් උදෙසා දේශානුරාගයෙන් සටන් වැදුණ වීරයන් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

1818දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් මහතා නිකුත් කර තිබූ මෙම ගැසට් නිවේදනය ජනපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් මගින් ප්‍රත්‍යාදිෂ්ට කර අවලංගු කර තිබේ.

මේ අනුව පහත සඳහන් ජාතික විරයන් සියලු චෝදනාවලින් නිදහස් කෙරිණි.

කැප්පෙටිපොළ දිසාවේ, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, මහා බෙත්මරාලේ, කුඩා බෙත්මරාලේ, පොල්ගොල්ල මොහොට්ටාලේ, වත්තේ කැලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙනරාලේ, පොසේරෙවත්තෙ විදානේ, කිව්ලේගෙදර මොහොට්ටාලේ,  යාලගොම්මේ මොහොට්ටාලේ, උඩමාදුරේ මොහොට්ටාලේ, කොහුකුඹුරේ රටේරාලේ, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාලේ, බුටුවේ රටේරාලේ, බගිනිගහවෙල රටේරාළ, මහාබදුල්ලේ ගම්මානේ රටේරාලේ, බුළුපිටියේ මොහොට්ටාලේ හා පල්ලේමල්හෙයායේ  ගමැතිරාලේ

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ පිළිබඳව වන නිර්දේශය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කරන ලදී. 

එම ප්‍රකාශය පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment