බැඳුම්කර වංචාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර රටට අහිමිවූ මහජන මුදල් යළි ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැප වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ඊයේ (08) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
මෙම වංචාව යට ගැසීමට විවිධ පුද්ගලයන් උත්සාහ දරන නමුත් ඒවා සියල්ල පරාජය කිරීමට ජනාධිපතිවරයාද කැපවී සිටින බවත් ඒ සඳහා අනෙකුත් සියලු දෙනාගේ දායකත්වය ලබාදියයුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
බැඳුම්කර සිද්ධිය පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට පක්‍ෂය පත් කළ කමිටුව නිර්දේශ 6 ක් යෝජනා කර ඇති බවද එම නිර්දේශ අනුව ඉදිරියේදී නිසි ක්‍රියා මාර්ග ගනු ඇති බවද හෙතෙම අවධාරණය කළේය.
කෝප් කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීම කිසිසේත්ම කෙටිකාලීන ක්‍රියා මාර්ගයක් නොවන බවද ඒ තුළින් සිදුවන්නේ කලින් කෝප් වාර්තාවන්ට අත්වූ ඉරණම මේ වාර්තාවටද හිමිවීම බවද ඇමැතිවරයා පැවසී ය.
බැඳුම්කර සිද්ධිය ගැන සොයනවා වගේම පසුගිය කාලයේ සිදුවූ ග්‍රීක් බොන්ඩ්, හෙජින් ගනුදෙනුව වැනි සිද්ධිය ගැනත් පරීක්‍ෂණ පැවැත්විය යුතු බවද වරදකරුවන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
0 comments :
Post a Comment