අද දවල් 2 ට පෙර වැඩට නාවොත් වරාය සේවකයන් දොට්ට

හම්බන්තොට වරායේ සත්‍යග්‍රහයේ නිරතව සිටින සේවකයින් පිරිස අද (15) පස්වරු 2.00 ට පෙර සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අතහැර ගියාසේ සලකා කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය දන්වා සිටී.
මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික
සමාගමට අයත් මෙම සේවකයින් සියලු දෙනා වරාය අධිකාරියට අනුයුක්ත කරන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය හා සත්‍යග්‍රහය ක්‍රිියාත්මක වන අතර අදට දින 9 ක් ගතවී ඇත. වරායට පැමිණි විදේශීය නෞකාවක් ද බලහත්කාරයෙන් රඳවාගෙන මෙම උද්ඝෝෂණය සිදු කළ නිසා හම්බන්තොට වරාය ලෝක ප්‍රජාව තුළ අප්‍රසාදයට පත්ව ඇති බවත් එය මාගම්පුර වරායට සිදුවූ බරපතළ හානියක් බවත් වරාය අමාත්‍ය අර්ජුණ රණතුංග කියා සිටියේය.
මෙම නැව සම්බන්ධ ප්‍රශ්නය මුහුදු කොල්ලකෑමක් ලෙස සලකා මර්දනය කිරීමට නාවික හමුදාවද ඉදිරිපත්වී තිබුණි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment