මෛත්‍රීගේ වැඩක් හරියයි

මෛත්‍රීගේ වැඩක් හරියයි

දුම්වැටි බදු සහ මිල ඉහළ දැමීමත් සමග ලංකා දුම්කොළ සමාගමේ දුම්වැටි අලෙවිය 45%කින්  පහත වැටී ඇතැයි  වාර්තා වේ.

රට තුළ දුම්වැටි භාවිතය අවම කිරීම, දුම්පානය මගින් රෝගී වන පුද්ගලයන් වෙනුවෙන් වැය කරන මුදල අඩු කිරීම සහ දුම්වැටි භාවිතය නිසා සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව අඩු කිරීම යන කරුණු දුම්වැටි මිල ඉහළ දැමීමේ ප්‍රධාන අරමුණ විය.
 
දුම්වැටියට වැට් බදු එකතු කිරීමත් සමග දුම්වැටි අලෙවිය තවදුරටත් පහළ යමින් තිබෙන බවත්, පසුගිය මාසයේදී ආසන්න වශයෙන් දුම්වැටි මිලියන 150කට ආසන්න ප්‍රමාණයක් අලෙවි වී තිබෙන බවද දුම්කොළ සමාගම වැඩිදුරටත් පවසයි.
 
කෙසේවුවද මිල ඉහළ දැමීමට සාපේක්ෂව අලෙවිය පහළ යෑම හරහා රජයට මාසිකව ලබාදුන් බිලියන 08කට ආසන්න බදු මුදල රුපියල් බිලියන 4.2 ක් දක්වා පහත වැටී තිබෙන බව දුම්කොළ සමාගම පෙන්වා දෙයි.
 
ඒ අනුව දුම්වැටියක් රුපියල් 07කින් ඉහළ දැමීමට කටයුතු කළ ඔක්තෝබර් මාසයේදී දුම්වැටි අලෙවිය මිලියන 150 ක් දක්වා පහත වැටී බදු ගෙවීම රුපියල් බිලියන 4.2 ක් දක්වා පහත වැටී තිබේ.
 
පසුගිය වසරේදී දුම්කොළ සමාගම රජයට රුපියල් බිලියන 92 ක බදු ආදායමක් ලබා දී තිබෙන බවත්, මේ අනුව මේ වසරේදී එම මුදල රුපියල් බිලියන 05කින් අඩුවන බවත් එම සමාගම තවදුරටත් පෙන්වා දෙයි.
 
දුම්වැටි නිසා රජයට ලැබෙන ආදායම අඩු වුවද දුම්වැටි භාවිතය නිසා රෝගීවන ජනතාවට රෝහල් පහසුකම් හා ඖෂධ සැපයීම සඳහා අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවන බව දුම්වැටි මිල වැඩි කිරීමේ දී රජය පෙන්වා දුන්නේය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මතින් නිදහස් ශ්‍රී ලංකාවක් බිහිකිරීම වෙනුවෙන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ක්‍රියාත්මක කළේය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment