කොත්තුව ප්‍රමාද වී ඇතිවූ ගැටුමෙන් 3ක් රෝහලේ

කොත්තුව ප්‍රමාද වී ඇතිවූ ගැටුමෙන් 3ක් රෝහලේ
අද (08) මොරණරාගල නගරයේ ආපනශාලාවක ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ගැටුම හටගෙන ඇති බවයි. අදාළ ආපනශාලාවෙන් ඇණවුම් කළ කොත්තුවක් ලබාදීම ප්‍රමාදවීමේ සිද්ධියක් මෙම ගැටුමට මුල් වී ඇති බව සඳහන්ය.

ගැටුමට අදාළව විමර්ශන සිදුකළ මොණරාගල පොලීසිය මේ වන විට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ තැනැත්තා හෙට (09) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මොණරාගල පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment