බාගෙට හැදූ ගෝල්ෆේස් නත්තල් ගසේ නාස්තිය ලක්ෂ 60 යි


අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ අනුසාශනය පරිදි ඇමති අර්ජුන රණතුංග විසින් අත්හැර දමන ලද ගොල්ෆේස් පිටියේ ඉදිකරමින් පැවති ලොව උසම නත්තල් ගසේ ව්‍යාපෘතිය සඳහා මේ දක්වා රුපියල් ලක්ෂ 60ක ද්‍රව්‍යමය වටිනාකමකින් යුත් මුදලක් වියදම් වී ඇතැයි වාර්තාවේ.
අඩි 315ක උසකින් මෙම ගස ඉදිකිරීමට

සැලසුම් කර තිබූ අතර, මේ වනවිට එහි අඩි 60ක ප්‍රමාණයක් ඉදිකිරීම් අවසන් කර තිබිණි.
නත්තල් ගස ඉදිකිරීමට අවශ්‍ය සැකිල්ල සකස් කර අවසන් කර තිබෙන බවත්, මෙම ද්‍රව්‍යවලට සිදුකරන්නේ කුමක්ද යන්න හිමිපාණන්ගේ උපදෙස් මත සිදුකරන බවද කමිටුවේ සභාපති මංගල දිසානායක මහතා අද සවස මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මෙම මුදල් කවර අරමුදලකින් යෙදවූයේ දැයි හෙළි කර නැති අතර මේ සඳහා ආධාර ලැබුනේ යයි පවසා ඇත. තවත් ලක්ෂ 60 ක් ලැබෙන්නට නියමිතව තිබුනා යයි සඳහන්වූ නිසා නිශ්ඵල වියදම් නතර කර එම මුදල් දුප්පතුන්ට සහන සැලසීමට යොදන ලෙස අගරදගුරුතුමන්ගේ උපදෙස අනුව එය කාටහෝ ලබාදිය යුතු වුවත් එවැන්නක් ප්‍රකාශ වූයේ නැත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment