රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ජනවාරියේ සිට වෙනස් වේ

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ජනවාරියේ සිට වෙනස් වේ

ලබන වසරේ ජනවාරි මාසයේ සිට රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) පෙරවරුවේ බොරැල්ල කාසල් කාන්තා රෝහලේ නොමේරූ ළදරු ඒකකය සඳහා කෘතිම ශ්වසන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ අමාත්‍ය මණ්ඩලය තුළ මේ පිළිබඳ සාකච්ඡා කර අදාළ තීරණය ගත් බවයි.

මෙවැනි කෘතිම ශ්වසන උපකරණ දරු උපත් සිදුවන සියලු රෝහල්වලට ලබාදිය යුතු වුවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ ඒ සඳහා මාස 09ක පමණ කාලයක් ගත වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පවතින ක්‍රමවේද වෙනස් නොකර රට සංවර්ධනය කළ නොහැකි බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳ  අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කළ බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment