වරාය සේවකයින්ට කොන්දේසි 7ක නියෝගයක්

වරාය සේවකයින්ට කොන්දේසි 7ක නියෝගයක්

හම්බන්තොට වරායේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටින සේවකයින් සම්බන්ධයෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් අද (14) කොන්දේසි 7ක් පැනවීමට තීරණය කළේය.

ඒ පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

එම කොන්දේසිවලට අනුව වරායේ ප්‍රධාන දොරටු කිසිවක් අවහිර නොකළ යුතු අතර වරායට පිවිසෙන කිසිදු ජාත්‍යන්තර නැවකට හෝ නාවික හමුදාවට අයත් නැවකට ඇතුළුවීමේ කිසිදු බාධාවක් නොකළ යුතුය.

එසේම  වරායේ කිසිදු දේපළකට ද හානි නොකළ යුතු බව ද එම නියෝගයේ සඳහන් වේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment