ආචාර්ය ජයම්පතිට මරණ තර්ජන 

ආචාර්ය ජයම්පතිට මරණ තර්ජන 

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාට සිදු කර ඇතැයි කියන තර්ජනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මන්ත්‍රීවරයා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින්, තමන්ට දුරකතන ඔස්සේ පරුෂ වචනයෙන් බැනවැදී, පවුලේ සියලු දෙනා මරා දමන බවට තර්ජනය කර තිබෙන බවත් ඒ පිළිබඳව වැලිකඩ පොලීසියට පමිණිල්ලක් කර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ ය.

“මතවාදීව මුහුණු දෙන්න බැරි අය මෙවැනි වැඩ කරන්නේ.අපිව එසේ බිය කර නවත්වන්නට බැහැ.මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ද“ ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මතුකළ ප්‍රශ්නයට අවධානය යොමු කළ නියෝජ්‍ය කතානායකවරයා පැවසූයේ, “පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවටත් ඉදිරිපත් කරනවා. පොලිස්පතිතුමා මාර්ගයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝග කරනවා“ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment