උතුරු - දකුණු සංහිඳියාව වෙනුවෙන් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන් පෙළ යටතේ එක් පියවරක් වශයෙන් දකුණු පළාතේ ස්වාමීන් වහන්සේලා උතුරු පළාතේ කෝවිල් වෙත පැමිණිම ඊයේ (06) සිදුවිය.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාතෙන් හිමිවරුන් තුන්නමක් වැඩම කළ අතර එම හිමිවරුන් වන්නේ මාලිගාකන්ද විද්‍යයෝදය පිරිවෙන් අධ්‍යයක්ෂක පූජ්‍ය අකුරැටියේ නන්දනායක හිමි, බස්නාහිර පළාත් ප්‍රධාන නාගොඩ අමරවංශ හිමි, එක්සත් රාජධානියේ ජේතවන විහාරාධිපති පූජ්‍ය ගුණවංශ හිමි යන හිමිවරුන්ය.
උන්වහන්සේලා යාපනයේ පරලයි ඊශ්වර විනායගර් කෝවිලෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත නී ඇති අතර එම චාරිකාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ද සහභාගී විය.
පරලයි ඊශ්වර් විනායගර් ගණපති කෝවිලේ ඉදිකර ඇති සාම තාප්පය හා සර්ව ආගමික කුළුණ නිරීක්ෂණයට ලක්කළ හිමිවරුන් කියාසිටියේ මෙය උතුරු - දකුණු සංහිඳියාව වර්ධනය කිරීමට මහත් පිටිවහලක් වනු ඇති බවයි.
සාම තාප්පයේ ශ්‍රී ලංකාවේ මෙතෙක් සිටි සියලුම ජනාධිපතිවරුන්ගේ හා අගමැතිවරුන්ගේ ඡායාරූප චිත්‍රයට නඟා ඇති අතර ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සිට වත්මන් ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායරූපයද සිතුවමට නගා ඇති අයුරු හිමිවරුන්ගේ නිරීක්ෂණයට ලක්විය.
එසේම එම ස්ථානයේ ස්ථාපිත කර ඇති සර්ව ආගමික කුළුණේ හින්දු, බෞද්ධ, කතෝලික, මුස්ලිම් යන සියලුම ආගම් නියෝජනය වන පරිදි ලාඡන නිර්මාණය කර තිබීම මෙහිදී දක්නය ලැබිණි.
ඡායාරූප පහතින්.
0 comments :
Post a Comment