ලබන වසරේදී උසස් පෙළ සිසුන්ට ලබා දෙන ටැබ් පරිගණක මගින් අන්තර්ජාලය භාවිත කිරීමකින් තොරව අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකි වන පරිදි දත්ත ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
සිසුන් සන්තකයේ තබා ගැනීමට මෙම ටැබ් පරිගණක පිරිනැමෙන අතර අන්තර්ජාලය භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් සිසුන් විසින් සපයා ගත යුතු වේ. ඊට අවශ්‍ය ගෙවීම් ද සිසුන් දැරිය යුතුය.
මෙම ටැබ් සිසුන් අතට පත් කෙරෙන්නේ අනවශ්‍ය වෙබ් අඩවි කරා යැමට නොහැකි වන පරිදි විශේෂ ආරක්‍ෂිත ක්‍රමවේදයක් ඇතුළත් කිරීමෙන් යෑයි අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පැවසීය.
මෙම ටැබ් සඳහා ඇතුළත් කළ යුතු දත්ත සම්බන්ධයෙන් තීරණය කිරීමට විවෘත විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය පරිගණක ආයතනය සහ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ආයතනය නියෝජනය වන පරිදි කමිටුවක් පිහිටුවනු ලැබ ඇති අතර එම කමිටුව ඊයේ (07) රැස්‌විය.
0 comments :
Post a Comment