බැසිල් එජාපයේ ප්‍රබලයින් තිදෙනෙකු සමග රහස් සාකච්ඡාවක

බැසිල් එජාපයේ ප්‍රබලයින් තිදෙනෙකු සමග රහස් සාකච්ඡාවක

බැසිල් ඔහුගේ පොහොට්ටුව ඉදිරියට ගෙනයන්නේ මහින්ද රාජපක්ෂගේ නම යොදාගනිමින් බවත් එසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයේ සාමාජිකත්වය හෝ මෙතෙක් ලබාගෙන නැති බවත් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.

එසේම ප්‍රබලයින් කිසිවෙකුත් එම පක්ෂයේ සාමාජිකත්වය ගෙන නැති බවත් තමන් ඇතුළු පිරිස සිටින්නේ ශ්‍රීලනිපයේ වත්මන් සභාපති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසී ය.

බැසිල් රාජපක්ෂ මහතා එජාපයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමග සාකච්ඡා කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වූ බවද ඊයේ(07) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.


කෙසේ වුවද කවර ආකාරයේ එකඟතාවලට එම සාකච්ඡාවලදී පැමිණියේදැයි නොදන්නා බවද හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment