රනිල් සමාව ගනියි

රනිල් සමාව ගනියි

එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ පැවැති කාලයේදී යාපනය පුස්‌තකාලයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

බන්ධනාගාර, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයේදී අදහස්‌ දක්‌වමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය. 

නැවත පදිංචි කිරීම සම්බන්ධව විෂය භාර ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් මහතාට දොස්‌ නගමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා සහ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා කතා කරමින් සිටි අවස්‌ථාවේදී සභාවට පැමිණි අගමැතිවරයා ප්‍රකාශයක්‌ කළේය.

අගමැතිවරයා කතා කරන අවස්‌ථාවේදී ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කරමින් අගමැතිවරයාට බාධා කළහ. ඒ අවස්‌ථාවේදී ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

"අපි උතුරේ ජනතාවට රැකියා දෙනවා. කර්මාන්ත ලබා දෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවැනි සංවත්සරය වෙද්දී අපි විශාල වැඩකොටසක්‌ උතුරේ කරනවා. අපේ කාලයේ යාපනය පුස්‌තකාලය ගිනි තිබ්බා. ඒ ගැන කනගාටු වෙනවා. ඒ ගැන සමාව ඉල්ලනවා. ඔබතුමාලාත් කරපු වැරදිවලට සමාව ඉල්ලනවාද? ඇයි සමාව ඉල්ලන්නේ නැද්ද?" යැයි අගමැතිවරයා ඒකාබද්ධ විපක්‍ෂයෙන් ප්‍රශ්න කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment