ගෝල්ෆේස් එකේ අර්ජුනගේ උසම නත්තල් ගස හදන සල්ලි
දුප්පතුන්ට දෙන්නැයි අගරදගුරුතුමා ඉල්ලති
වරාය ඇමති අර්ජුන රණතුංග මුල්වී මේ දිනවල ගාලුමුවදොර පිටියේ ඉදිකරමින් පවතින ලොව විශාලතම නත්තල් ගස ඉදි කිරීම අනවශ්‍ය වියදමක් බවත් ඒ සඳහා වැය කරන මුදල අසරණ අයට නිවාස හදන්නට හෝ දුප්පත් දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමට යොදවන ලෙසත් අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ ඊයේ ඉල්ලීමක් කළහ.
පසුගිය අගෝස්තු 18 වැනිදා ඇරැඹි මේ නත්තල් ගසේ කොටසක්
මේවනවිටත් සාදා අවසන්ව තිබෙන අතර ඒ තරමින් හෝ එය නතර කර ඉතිරිය සෑදීමට වැය වන මුදල සත් කාර්යයකට යොදවන ලෙසත් උන් වහන්සේ දන්වා සිටියහ.
අර්ජුන රණතුංග සමාජ සත්කාරය නමින් ගාලු මුවදොර පිටියේ
මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ආසන්නයේ පිහිටි ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සේවකයෝ ස්වකැමැත්තෙන් දායකත්වය ලබාදෙන බව පැවසිණි.
මීට කෙතරම් මුදලක් වියදම් කරන්නේ දැයි දැනගන්නට නැත. නත්තල් දා සිට දින 10ක් එය ගාලු මුවදොර පිටියේ ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය.
ශ්‍රී ලංකා සමාජයේ පවුල් ඒකකය වඩා ශක්තිමත් කිරීම සඳහා ජනතාවට උදව් කිරීමට සියලු ආගම් සමග කතෝලික සභාව කටයුතු කරන බව ද කී අගරදගුරුවරයා මෙවැනි නාස්තිකාර වියදම් වර්තමාන ලංකාවට නොගැළපෙන බව පෙන්වා දෙන ලදි.
0 comments :
Post a Comment