නිලධාරින් නෑ - වනජීවියේ වැඩ අඩාලයි  

නිලධාරින් නෑ - වනජීවියේ වැඩ අඩාලයි  

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා වූ නිලධාරීන් 508 දෙනකුගේ හිඟයක් ඇති බවත් එය පිරවීම සඳහා බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි බොහොමයක් අඩාල වී ඇති බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

වනජීවී නියාමක, අඩවි ආරක්ෂක ඇතුළු තනතුරු කිහිපයකම ඇති මෙම නිලධාරි හිඟය පියවන ලෙසට අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ගම් වදින අලි පලවා හැරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, ප්‍රචණ්ඩකාරී අලි ඇතුන් ඇල්ලීම, වන විනාශය, දඩමස් ජාවාරම, නීතිවිරෝධී වැලි ගොඩදැමීම ඇතුළු වනජීවී අපරාධ මැඬලීම ආදිය අඩාල වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ගම් වදින අලි වනෝද්‍යාන කරා පලවා හැරීමේ මෙහෙයුම් නිසි කලට සිදු නොවීම නිසා පසුගිය මාස කිහිපයක කාලය තුළදී මිනිස් ජීවිත ගණනාවක්ම අහිමි වී ඇති අතර රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ සහ වගා හානිද සිදු වී තිබේ.

අලුතින් නිලධාරීන් බඳවා ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙවර අයවැය මඟින් ද මුදල් වෙන්කර නොතිබීම නිසා නිලධාරි හිඟය පියවීමට බලධාරීන්ට වුවමනාවක් නැති බව වාර්තා වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment