ඉතිහාසයේ පළමුවරට ඩොලරයට වැඩිම අගයක්

ඉතිහාසයේ පළමුවරට ඩොලරයට වැඩිම අගයක්

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 152 දක්‌වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 152.12 ක්‌ දක්‌වා ඉහළ නැඟ ඇත.

පසුගිය කාලය තුළ දිගින් දිගටම ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල පිරිහීමට ලක්‌වූ අතර බැංකු ආරංචි මාර්ග පවසන පරිදි බැංකුවලද ඇමරිකානු ඩොලර් හිඟයක්‌ පවතී. 

කෙසේ වුවද මුදල් ඇමැති රවි කරුණානායක මහතා පවසන්නේ බැංකුවල කිසිදු ඩොලර් හිඟයක්‌ නැති බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment