පොලිසියට පහරදුන්නැයි චෝදනා ලද මන්ත්‍රී ජගත් කුමාරට ඇප


පාර්ලිමේන්තු වටරවුමේ පැවැති සමෘද්ධි නිළධාරින්ගේ විරෝධතාවකදී පොලිසියට පහරදුන් බවට අධිකරණයට ඉදිරිපත් වු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා ඇප මත මුදාහැර තිබේ.
ජගත් කුමාර
මහතා නීතිඥවරයෙකු මාර්ගයෙන් අද කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වූ ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
පසුගියදා පාර්ලිමේන්තු වටරවුමේ පැවැති සමෘද්ධි නිළධාරින්ගේ විරෝධතාවයේදී ඔහු පහරදුන් බවට පොලිසිය පැමිණිලි කර තිබේ.

ජුලි මස 11 වනදා දක්වා කල්තැබීමට ද සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරීමටද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය නියෝග කර ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment