ටෙලිෆෝන් කෝල් කතාව අතරේ ‘නිලමේ‘ ගේ පැටිකිරිය එළි දකී


අද රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් පොලිස්පතිට ආ දුරකථන ඇමතුමක් නිසා මතභේදයට තුඩුදී තිබෙන නිලමේවරයා වන දෙවිනුවර හිටපු බස්නායක නිලමේ  ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර සිදු කළ බවට සැකකරන දූෂණ හා වංචා කරුණු රැසක් අනාවරණය කර තිබේ.
2010 සිට 2015 ජනවාරි 8 දක්වා
ලංකා මිනරල් සෑන්ඩ් හි සභාපති හා ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරයන් හි කටයුතු කළ ඔහුට එරෙහිව මේ වන විට සිදුවන විමර්ශන ගණනාවක්
පවතින බවත් ඒවා අතර පහත කරුණු ඇති බවත් දන්වා සිටියා.


  • ඉදි නොකළ කම්හලක් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගැනීම
  •  ලංකා බැංකුව මගින්  රු. මිලියන 500 ක ණයක් ලබා ගෙන මිනරල් සෑන්ඩ් සමාගම සදහා කර්මාන්ත ශාලාවක් ඉදිකරන බව පවසා භාණ්ඩ ආනයනය කිරීම
  • මිනරල් සෑන්ඩ් සමාගම සතු රුපියල් මිලියන 40 හම්බන්තොට බීච් පාක් එකක් සෑදීම ලබා දීම.
  • ජනාධිපති කාර්යාලයේ පරිහරණයට අවශ්‍ය බව පවසමින් පුද්ගලික වාහන දෙකක් කුළී පදනම මත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට රුපියල් ලක්ෂ 55 ක වාහන කුලියට ගැනීමක්
  • වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නොතිබුණ රාජ්‍ය සේවකයෙකු වීම.
  • මිනරල් සේවකයෝ 39 ක් ප්‍රධාන කාර්යාලයෙන් පිටත දේවාලයක කටයුතු සදහා යෙදවීම.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment