සන්ධාන මන්ත්‍රීවරු දෙදෙනා රිමාන්ඩ්

සන්ධාන මන්ත්‍රීවරු දෙදෙනා රිමාන්ඩ්

පොලිසියට භාරවීමෙන් පසු මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ එජනිස බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනා ලබන 28 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගය සහ දුම්රිය මාර්ගය කුරණ, ගල්කන්ද ප්‍රදේශයෙන් අවහිර කර උද්ඝෝෂණයේ නිරත වෙමින් මහජන පීඩා සිදු කිරීමේ චෝදනා මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

රථ වාහන දඩ මුදල ඉහළ නැංවීමේ යෝජනාවට එරෙහිව පසුගිය 02 වනදා අදාළ උද්ඝෝෂණය පැවැති අතර උද්ඝෝෂකයින් විසුරුවා හැරීම සඳහා පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද  සිදු වුණි.

පසුව උද්ඝෝෂණයට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

උද්ඝෝෂණය මෙහෙයවීම සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්ද හරිස්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර යන මන්ත්‍රීවරුන්ට ද වරෙන්තු නිකුත් කර තිබූ අතර ඔවුන් අද පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget