තාජුඩීන්ගේ සොහොයුරාගෙන් ප්‍රකාශයක් ගන්න යයි

තාජුඩීන්ගේ සොහොයුරාගෙන් ප්‍රකාශයක් ගන්න යයි

රගර් ක්‍රිඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු  ස්ථානාධිපතිවරයා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අද(26) නියෝග කළේය. 

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බව එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අධිකරණයට දැනුම්දුන්නේය.

සිද්ධිය වූ කාලසීමාවේදී නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති සුනිල් පෙරේරා මහතා විසින් වසීම් තාජුඩීන්ගේ සහෝදරයෙකුට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

එමෙන්ම වසිම් තාජුඩීන්ගේ සහෝදරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලූ අතර අධිකරණය ඊට අවසර ලබාදුන්නේය.

කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔවුන් ලබන ජනවාරි මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget