'සේනාධිනායකගේ නියෝගයක්‌ නිසා නාවික හමුදාපති හැසිරුණේ' - මහින්ද

'සේනාධිනායකගේ නියෝගයක්‌ නිසා නාවික හමුදාපති හැසිරුණේ' - මහින්ද

තමා දන්නා තරමට සේනාධිනායකයාගේ නියෝගයක්‌ නොමැතිව හමුදාපතිවරයකු සේවක උද්ඝෝෂණයකදී අශෝභන අයුරින් හැසිරේවි යැයි සිතිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

වෘත්තීය සමිති වර්ජනයක්‌ කඩාකප්පල් කිරීමට නාවික හමුදාව යොදාගත් පළමු අවස්‌ථාව මෙය බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

සිලාවතුරේදී නාවික හමුදාවේ දෙදෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස සිරකරගෙන සිටි අවස්‌ථාවේදී හම්බන්තොට මෙන් මෙහෙයුමක්‌ දියත් නොකළ බවත් හිටපු ජනාධිපතිවරයා පැවැසී ය.

වර්තමාන නාවික හමුදාපතිවරයා යුද්ධය පැවැති කාලයේ ඉතා දක්‍ෂ ලෙස කටයුතු කළ නිලධාරියකු බවත් නාවික හමුදාව මෙම ස්‌ථානයට යැව්වේ ඔවුන්ට ජනතාවගෙන් චෝදනා එල්ල කර ජනතාව තුළ තිබෙන විශ්වාසභාවය නැති කිරීමට උත්සාහ දරන කණ්‌ඩායමක්‌ විසින් බවට තමා විශ්වාස කරන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසී ය.

වියත් මග සංවිධානය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා බත්තරමුල්ල නෙළුම් මාවතේ ඊයේ (15) සංවිධානය කර තිබූ වැඩමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්‌වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment