හිටපු නි. ඇමැතිවරයෙක් අත්අඩංගුවට ගැනීමට සූදානම්!

හිටපු නි. ඇමැතිවරයෙක් අත්අඩංගුවට ගැනීමට සූදානම්!

මීගමුව කළපු සංවර්ධන මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධ සිද්ධියකට අදාළව හිටපු ධිවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු 05 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ අනුව මීගමුව කළපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 300ක්‌ අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇත. 

මෙම මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතියේ සභාපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (15) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබාදීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතාට දැනුම් දී තිබුණත් ඔහු ඊයේ පැමිණ සිටියේ නැත.

මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතිය කරගෙන යාමේදී බරපතළ මූල්‍ය අක්‍රමිකතා සිදු වූ බව බරපතළ මූල්‍ය අක්‍රමිකතා සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම මගින් කළ විමර්ශනයේදී හෙළි වී තිබේ. 

මෙම ව්‍යාපෘතියට ලැබුණු මුදල් පසුගිය රජයේ දේශපාලන කටයුතු සඳහා සහ වෙනත් බාහිර කටයුතු සඳහා වියදම් කර ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment