මෛත්‍රි මැලේසියාවේ සිටින හෝටලය ඉදිරිපිට විරෝධතාවක්


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැලේසියානු සංචාරයේදී නැවතී සිටි ක්වාලාලම්පූර් අගනුවර පිහිටි ඉන්ටකොන්ටිනල් හෝටලය ඉදිරිපස මැලේසියානු දෙමළ කණ්ඩායමක් විරෝධතාවක නිරත විය. මේ
සම්බන්ධයෙන් අදහස්
දැක්වූ විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා විරෝධතාකරුවන් බොහෝ දෙනා ඉන්දීය සම්භවයක් ඇති අය බව පැවැසුවේය.

රජය සංහිඳියාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර දෙමළ ඩයස්පෝරාව අගය කරන බවද ඔහු පැවැසීය.

පාරවල් ගාණේ විරෝධය දක්වනු වෙනුවට ශ්‍රී ලංකාවට පැමිණ එහි ඇති වර්ධනය සියැසින්ම දැක ගන්නා ලෙස විරෝධතාකරුවන්ගෙන් ඉල්ලන බවද ඇමැතිවරයා කීය. දැන් උතුරේ සිට දකුණට යද්දී ඔවුන් පසු පස කිසිවකු නොඑන බව කී ඇමැතිවරයා මාධ්‍ය නිදහස ස්ථාපිත කර ඇති බවද පැවැසීය. එහෙයින් උතුර - නැඟෙනහිර සංචාරය කොට තවදුරටත් කළ යුතු කටයුතු සඳහා යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බවටද ඇමැතිවරයා පැවැසීය.

(චමින්ද රොද්‍රිගු මැලේසියාවේ සිට)
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment