සරත් කුමාර ගුණරත්නට වරෙන්තු



මීගමුව කළපු සංවර්ධන මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධ සිද්ධියකට අදාළව හිටපු ධිවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු 05 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා
ලෙස 
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
රුපියල් ලක්ෂ 112ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු 06 දෙනෙකුට ඊයේ දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් පැමිණ ඇත්තේ ධීවර සංස්ථාවේ වැඩබලන සැපයුම්කරුවෙකු පමණකි.
 ඔහු ලබන 23  වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කර සෙසු විත්තිකරුවන් 05 දෙනාට වරෙන්තු නිකුත් විය.
බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment