හිටපු හමුදා ලොක්කෙකු සා.පෙල සිසුවෙකුට පහරදීලා

හිටපු හමුදා ලොක්කෙකු සා.පෙල සිසුවෙකුට පහරදීලා

විශ්‍රාමික හමුදා ලොක්කකු තම බෙල්ලෙන් අල්ලා තර්ජනය කළ බව කියමින් කොළඹ ප්‍රධාන පෙළේ පාලසක සාමාන්‍යපෙළ සිසුවකු ඊයේ(17) කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

පසුගිය බදාදා මෙම සිදුවීමට තමා මුහුණ දුන් බවත්, සාමාන්‍ය පෙළ විභාගය පැවැති නිසා පොලිසියට ඒමට නොහැකි වූ බවත්, අද සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම පොලිසියට පැමිණි බවත් සිසුවා සදහන් කර ඇතැයි පොලිස් ආරංචි සඳහන් කරයි.

සාමාන්‍ය පෙළ විභාගය අතරතුර විවේක කාලයේදී වාහනයකින් පැමිණි එම හිටපු හමුදා ලොක්කා තම බෙල්ලෙන් අල්ලා ‘ඇට කුඩුකරනවා‘ යැයි කී බව ද, පාසලේ ගුරුවරියක පැමිණ තමා තවත් ටික වේලාවකින් විභාග ප්‍රශ්න පත්‍රයකට මුහුණ දීමට සිටින බව කියමින් තමා බේරා ගත් බව ද, ඉන් පසු දැඩි බිය නිසා මානසික පීඩාව නිසා ප්‍රශ්න පත්‍රයට හරි හැටි පිළිතුරු ලිවීමට නොහැකි වූ බව ද සිසුවා පවසා ඇතැයි පොලිස් ආරංචි පවසයි.

තමාට එරෙහිව එම හිටපු හමුදා ප්‍රධානියාගේ ඥාති දරුවකු පැමිණිල්ලක් කර ඇති බව පසුව දැන ගත් බව ද, ඔහුගේ ඥාති පුත්‍රයා යම් සිදුවීමකට මුහුණ දී ඇතැයි දැනගත්තට තමා ඊට කිසිදු සම්බන්ධයක් නැතැයි ද සිසුවා සඳහන් කර තිබේ.

හිටපු හමුදා ප්‍රධානියාගේ ඥාති දරුවකු ද මේ සිසුවාද ඇතුළුව සිසුන් සිව් දෙනකුට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇතැයි ද, මේ සිසුන් තමාට පහර දුන් බව එම පැමිණිල්ලේ සදහන් වී ඇතැයි ද, පහර කෑම නිසා ප්‍රතිකාර ලබා ගැනීමට ගිය බව ද සිසුවා සදහන් කර ඇතැයි පොලිසිය කියයි. 

මේ අතර හමුදා ප්‍රධානියාගේ ඥාති දරුවකු තමන්ට විරුද්ධව අසත්‍ය පැමිණිල්ලක් කර ඇතැයි තවත් සිසුන් තිදෙනකු ඊයේ පොලිසියට ප්‍රකාශ දී ඇතැයි වාර්තා වේ.

පාසල අවට සීසීටීවි ඇත්නම් ඒවා පරීක්ෂා කළොත් සත්‍ය වටහා ගත හැකි බව ද සිසුන් සදහන් කර තිබේ. තමන්ට අද පොලිසියට එන ලෙස දැනුම් දී තිබුණු නිසා පෙර දින සිට දැඩි බියකින් සිටි බවත්, අද විභාගයට මුහුණ දුන්නේ ද බියෙන් බවත් සිසුන් ප්‍රකාශ තිබේ.

මෙම සිදුවීම බොහෝ දෙනකු ඇසින් දුටු බවත්, සිදුවීම සනාථ කිරීමට තවත් සාක්කි ඉදිරිපත් කළ හැකි බවත් හමුදා ප්‍රධානියාගෙන් පහර කෑ සිසුවා සහ අනෙක් සිසුන් තිදෙනා පවසා ඇතැයි පොලිසිය කියයි.

මේ ගැන අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment