විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු යළි සේවයට එක් කර ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය සහිතව අදාළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනා යළි සේවයේ පිහිටුවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්. සෙල්වරාජා මහතා සේවාස්ථ පුහුණු ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී. ගනේෂනාදන් මහතා උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්තව ද්‍රවිඩ නිලධාරීන්ගේ රාජකාරී කටයුතු සහ එම පළාතේ පොලිස් අධිකාරී කටයුතු අධික්ෂණය කිරීමට යොදවා තිබේ.
මීට අමතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. අර්සරත්නම් මහතා නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්තව ද්‍රවිඩ නිලධාරීන්ගේ රාජකාරී කටයුතු සහ එම පළාතේ ප්‍රජා පොලිස් රාජකාරී කටයුතු අධීක්ෂණය කිරිම සඳහා යොදවා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම නිලධාරීන් තිදෙනා මාස 06ක කාලයක් අදාළ රාජකාරී කටයුතු සිදු කිරීමට නියමිතය.
දෙමළ භාෂාව කතා කළ හැකි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නොමැති කමින් විශ්‍රාම ගිය මෙම නිලධාරීන් යළි සේවයට එක් කර ගැනීමට තීරණය කර ඇතැයි ජාතික පොලිස් කොමිසම සඳහන් කරයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment