මේ ආණ්‌ඩුවත් ගිනි පොලියට ණය ගනී

මේ ආණ්‌ඩුවත් ගිනි පොලියට ණය ගනී

මේ වසරේ මුල් මාස හතේදී ශ්‍රී ලංකාව ලබාගත් වාණිජ ණය ප්‍රමාණය ඉහළ ගොස්‌ ඇතැයි මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

මෙසේ රජයේ වාණිජ ණය ප්‍රමාණය ඉහළ යෑම නිසා මේ වසරේ මුල් මාස හතේදී සහනදායී නොවන ණය ප්‍රමාණය රුපියල් බිලියන 2088.3 ක්‌ දක්‌වා සියයට 15.1 කින් ඉහළ ගොස්‌ ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

මේ අනුව පසුගිය ජූලි මස අග වන විට රජය ලබාගත් සහනදායී නොවන ණය ප්‍රමාණය සමස්‌ත විදේශ ණය ප්‍රමාණයට දක්‌වන දායකත්වය 2015 වසර අගදී පැවති සියයට 51.2 සිට සියයට 53.3 දක්‌වා වැඩිවූ බව ද එහි දැක්වේ.

මේ අතරම රජයේ සහනදායී ණය ප්‍රමාණය අදාළ කාලය තුළදී සියයට 48.8 සිට සියයට 46.7 දක්‌වා අඩු වී ඇතැයි ද එම නවතම වාර්තාවේ දැක්‌වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment