උබර් ස්වයංක්‍රීය රථවලට බාධාවක්?

උබර් ස්වයංක්‍රීය රථවලට බාධාවක්?

උබර් සමාගමේ ස්වයංක්‍රීය ධාවනයක් සහිත මෝටර් රථ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ පරීක්ෂණ ධාවනයක යෙදීම නීතිවිරෝධී බව අමෙරිකානු මෝටර් රථ දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, එම ස්වයංක්‍රීය මෝටර් රථ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයෙන් ඉවත්කර ගැනීම උබර් සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එම සමාගම මෙම සතිය ආරම්භයේදී මෙම මෝටර් රථවල පරීක්ෂණ ගමන්වාර ආරම්භ කළ අතර, ඒ වෙනුවෙන්වූ පරීක්ෂණ බලපත්‍රයක් අදාළ සමාගම විසින් ලබාගෙන නොමැති බව අමෙරිකානු මෝටර් රථ දෙපාර්තමේන්තුව පැවසී ය.

නමුත්, එම සමාගම පවසන්නේ එම පරීක්ෂණ ගමන්වාරවලදී හදිසි අවස්ථාවක ප්‍රතිචාර දැක්විය යුතු ආරක්ෂක ධාවකයෙකු රියදුරු අසුනේ සිටින බැවින් එවැනි බලපත්‍රයක් ලබාගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මේ නිසා, එම දෙපාර්තමේන්තුවේ ඉල්ලීම නොසලකා හරින බවද එම සමාගම අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත්, මේ තත්ත්වය තුළ උබර් සමාගමේ පරීක්ෂණ ගමන්වාර අත්හිටුවීම හෝ ඉදිරි නීතිමය තත්ත්වයන්ට අදාළ සමාගමට සිදුවනු ඇති බව කැලිෆෝනියාවේ නීතිපතිවරයා අවධාරණය කර තිබේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment