සීමා නිර්ණය කමිටු වාර්තාව අවසන් - බාර දෙන්න පෙර ඇමති ෆයිසර් රට යයි

සීමා නිර්ණය කමිටු වාර්තාව අවසන් - බාර දෙන්න පෙර ඇමති ෆයිසර් රට යයි

පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණය අභියාචනා කමිටුවේ කටයුතු අවසන් වී ඇති අතර දෙසැම්බර් 27 දින වාර්තාව බාරදීමට කටයුතු යොදා ඇති බවත් කමිටු වාර්තාව බාරදීම සදහා දින නියම කොට තිබිය දී පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විදේශගතවීමට නියමිත බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

එම නිවේදනය පහතින්, 

පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණය අභියාචනා කමිටුවේ කටයුතු අවසන් වී ඇති අතර දෙසැම්බර් 27 දින වාර්තාව බාරදීමට කටයුතු යොදා ඇත. කමිටු වාර්තාව බාරදීම සදහා දින නියම කොට තිබිය දී පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විදේශගතවීමට නියමිතය. 

කීර්තිමත් සිවිල් සේවකයෙකු මෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිසි බලධරයා ලෙස ද පත් කරනු ලැබූ අශෝක පීරිස් මහතා සීමා නිර්ණය කමිටුවේ සභාපති ධූරය දරයි. දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සාලිය මැතිව්මිස්බා සතාර්උපුල් කුමරප්පෙරුම සහ මහාචාර්ය බාලසුබ්‍රමානියම් පිල්ලේ කටයුතු කරයි.  ඉතා කැපවීමෙන් සීමා නිර්ණය කටයුතු සිදු වූ අතර ඔවුන් තම වාර්තාව අවසන් කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද දෙසැම්බර් 23 (ඊයේ) දැනුම් දී ඇත.

කමිටුවේ වාර්තාව බාරදීමට නියමිත දිනයේ විෂය බාර අමාත්‍යවරයා විදේශගතව සිටී නම්වැඩ බලන අමාත්‍යවරයාට හෝ අමාත්‍යාංශ ලේකම්වරයාට කමිටු වාර්තාව බාරදීම සීමා නිර්ණය කමිටුවේ වගකීම වේ. පළාත් පාලන මැතිවරණ කල් දැමීම හේතුවෙන් පලාත් පාලනයේ බරපතල අර්බුද ගණනාවක් මතුව ඇත.  හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සදහා දැනට ඇති බාධාව වී ඇත්තේ සීමා නිර්ණය කමිටුවේ වාර්තාව ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකිරීමයි.

එබැවින් සැලසුම් කළ පරිදි දෙසැම්බර් 27 දින වැඩ බලන අමාත්‍යවරයා හෝ ලේකම්වරයා වෙත බාරදීමට කටයුතු කරන ලෙස කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ඉල්ලා සිටී. 

2016 දෙසැම්බර් මස 24 වැනිදා

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment