සාමාන්‍ය පෙළ අසමත් අයෙක් තානාපතිවරයෙකු ලෙස පත් කිරීමේ සූදානමක්

සාමාන්‍ය පෙළ අසමත් අයෙක් තානාපතිවරයෙකු ලෙස පත් කිරීමේ සූදානමක්

කිසිම අධ්‍යාපන සුදුසුකමක්‌ නැති සහ අත්දැකීම් නොමැති පුද්ගලයන් විදේශ සේවයට පත් කිරීමේ ආණ්‌ඩුවේ ක්‍රියාවලියට බරපතළ විරෝධයක්‌ එල්ල වී තිබේ.

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය ද අසමත් පුද්ගලයෙක්‌ තානාපතිවරයකු ලෙස පත් කිරීමට ආණ්‌ඩුව මේ වන විට තීරණය කර ඇති අතර, ඊට එරෙහිව නඩු පැවරීමට ස්‌වාධීන නීතිඥ පිරිසක්‌ සැලසුම් කර ඇතැයි වාර්තාවේ.

යහපාලන ආණ්‌ඩුව බලයට පත් කිරීමට කැප වී කටයුතු කළ මෙම නීතිඥවරු පිරිස අධිකරණය ඉදිරියට යාමේ අරමුණ වන්නේ සුදුස්‌සන්ට තනතුරු ලබාදීමට විධිමත් ක්‍රමවේදයක්‌ කෙරෙහි ආණ්‌ඩුවේ අවධානය යොමු කරවීමටය. එම ක්‍රමවේදය ඔස්‌සේ උසස්‌ තනතුරු පිරිනැමීමේ පැහැදිලි ප්‍රතිපත්තියක්‌ ඇතිකර ගැනීම අත්‍යාවශ්‍ය යැයි ද ඔවුහු කියා සිටිති.

උසස්‌ නිලතල පිළිබඳ කාරක සභාවක්‌ පවතින නමුත් ඒ පිළිබඳ නොසලකා හරිමින් නිලතල ප්‍රදානය කිරීමේ අවිධිමත් ක්‍රියාවලිය ඔවුහු දැඩි ලෙස විවේචනය කරති. උසස්‌ නිලතල පිළිබඳ කාරක සභාවේ සභාපති වන්නේ කථානායක කරු ජයසූරිය මහතාය.

 

(දිවයින)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment