මාතර මත්තල අධිවේග මාර්ගයට වන්දි හෝ ඉඩම් ලබානොදී තම ඉඩම් පවරාගත්තේ යැයි පවසමින් මාතර පාලටුව ප්‍රදේශයේදී පිරිසක් පෙරේදා (7දා) විරෝධතාවක් පැවැත් වූහ. මේ නිසා පවුල් 18 කට අයත් පිරිසකට
අසාධාරණයක් වී ඇති බව ඔවුහු පෙන්වා දෙතිි. උදෑසන 8ට පමණ එම ව්‍යාපෘතියට අයත් වාහන යන මාර්ගය අවහිර කරමින් විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නියැළිණි.
අනතුරුව සවස 1.30ට පමණ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම්වරිය පැමිණ මේ පිළිබඳ ප්‍රදේශයේ දේශපාලනඥයකු මඟින් පාර්ලිමේන්තුවට අද දින කරුණු ඉදිරිපත් කර සාධාරණයක් ඉටුකරදෙන බවට ඇය පොරොන්දු වූවාය.
තවදුරටත් පාලකයන් රැවටීමට ලක් කළහොත් මාරාන්තික උපවාසයකට පවා අවතීරණය වන බව උද්ඝෝෂකයෝ පැවැසූහ. ප්‍රාදේශීය ලේකම්වරිය මැදිහත්වීමෙන් විරෝධතාව තාවකාලිකව නතර කරන බව ඔවුහු පැවසූහ.
මාතර - උදය කුමාර රණවීර
About
විගස පුවත් I Vigasapuwath
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment