පහේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු මෙන්න

පහේ ශිෂ්‍යත්වයේ කඩඉම් ලකුණු මෙන්න

මෙම වසරේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද (09) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව, වැඩිම ලකුණු සංඛ්‍යාවක් එනම්, කඩයිම් ලකුණු 184 ක් අවශ්‍ය වන්නේ කොළඹ - රාජකීය විද්‍යාලයට සහ විශාකා විද්‍යාලයට ඇතුළත් වීමටය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයට සහ මහාමායා බාලිකා විද්‍යාලයට ලකුණු 181 ක් අවශ්‍ය වන අතර, කොළඹ ආනන්ද විද්‍යාලයට සහ කුරුණෑගල - මලියදේව පිරිමි විද්‍යාලයට ඇතුළත් වීම සදහා අවශ්‍ය කඩයිම් ලකුණු සංඛ්‍යාව 180 කි.

ගාල්ල - රිච්මන්ඩ් විද්‍යාලය, කොළඹ - දේවිබාලිකා විද්‍යාලය සහ කුරුණෑගල - මලියදේව බාලිකා විද්‍යාල සදහා කඩයිම් ලකුණු 179ක් අවශ්‍ය වන අතර, කොළඹ - නාලන්දා සහ මහනුවර - කිංග්ස්වුඩ් විද්‍යාල සදහා ලකුණු 178 ක කඩයිම් ලකුණු සංඛ්‍යාවක් ප්‍රකාශයට පත්වී තිබේ.

ගාල්ල - සවුත්ලන්ඩ්  බාලිකා විද්‍යාලයට ඇතුළත් වීමට අවශ්‍ය කඩයිම් ලකුණු සංඛ්‍යාව 177 කි.

සම්පූර්ණ කඩඉම් ලකුණු ලැයිස්තුව මෙන්න.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment