සෙක්ස් වචනය සොයා ලංකාව ආයෙත් අංක එකට

ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ Sex නැමැති වචනය වැඩිම වාර ගණනක් මේ
වසරේදීත් සොයා ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මේ අනුව පසුගිය වසර 5ක කාලයේ පටන් Sex වචනය ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩිම වාර ගණනාවක් සොයා ඇත්තේ ශ්‍රී ලංකාවයි.

එසේම ශ්‍රී ලංකාවේ නගරයක් ලෙස ගත්විට වැඩිම පිරිසක් Sex නැමැති වචනය සොයා ඇත්තේ බස්නාහිර පළාතේ හෝමාගම නගරයයි. පාසල් නිවාඩු කාලය පැමිණෙන අගෝස්තු හා දෙසැම්බර් මාස තුළදී Sex වචනය වැඩි ලෙස භාවිත කර ඇති බවට අනාවරණය වී ඇත.

තුන්වැනි ලෝකයේ රටවල් වන ඉතියෝපියාව, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව වැනි රටවල් පිළිවෙළින් අන්තර්ජාලයේ Sex නැමැති වචනය ලෝකයේ වැඩිම ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අමතරව ගූගල් සෙවුම් යන්ත්‍රයේ භාවිත කර ඇති රටවල් වෙයි.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment