කතානායක, විපක්ෂනායක ගිය හෙලිකොප්ටරය විභාග මධ්‍යස්ථානයක ගොඩබස්වලා

කතානායක, විපක්ෂනායක ගිය හෙලිකොප්ටරය විභාග මධ්‍යස්ථානයක ගොඩබස්වලා

කතානායක කරූ ජයසූරිය මහතා සහ විපක්ෂ නායකවරයා සමඟ අමාත්‍යවරුන් පිරිසක් ගමන් කළ හෙලිකොප්ටරයක් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූ විභාග මධ්‍යස්ථානයක් වූ පේසාලෙයි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයට ගොඩබැස්වීම හේතුවෙන් පසුගිය 07 වැනිදා එදින විභාගයට පෙනීසිටි දරුවන් මහත් අපහසුතාවකට පත්වූ බව ප්‍රදේශවාසීන් පවසයි.

පාර්ලිමේන්තු කාරක සභා නියෝජිත සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතාගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කතානායකවරයාත්, විපක්ෂනායකවරයාත් ඇතුළු දෙමළ සන්ධාන නියෝජතියින් පිරිසක් මෙම හෙලිකොප්ටරයේ පැමිණ ඇත.

ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ හෙලිකොප්ටරය ගොඩ බැස්වීමෙන් අනතුරුව අදාළ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයක් පවතින බව දැනුම්දීමෙන් අනතුරුව එම ගුවන් යානය වෙනත් ස්ථානයක් වෙත රැගෙන ගිය බවයි.

සන්නිවේදනයෙන් සිදුවූ දෝෂයක් මත එම හෙලිකොප්ටරය විභාග මධ්‍යස්ථානය පිහිටි පාසල වෙත ගොඩබස්වා ඇතැයි වාර්තා වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment