තව්හිද් ජමාත් ලේකම්ට ඇප

තව්හිද් ජමාත් ලේකම්ට ඇප

බෞද්ධාගමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට වන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි තවුහිද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් මහතාට ඇප දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (10) නියෝග කළේය.

ඒ, රුපියල් 10,00ක මුදල් ඇපයක් ද , ලක්ෂ 10 බැගන් වු ශරීර ඇප 02 ක් ද මතය.

මින් පසුව කිසිදු ආගමකට හෝ පීඩාවක් වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ හොත් නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තබන බවට මහේස්ත්‍රාත්වරයා එහිදී ඔහුට අවධාරණය කළේය

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment