මරණ දඩුවම ලැබ සිරගතව සිටින දෙමටගොඩ චමින්දගෙන් දෙදෙනෙකුට මරණ තර්ජන



සහස්පුර බාබර් සාප්පුවකදී පුද්ගලයෙකුට වෙඩි තබාඝාතනය කළේ යැයි කියන නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අලුත්කඩේ උසාවි භූමියේදීම දැනට මරණ දඬුවම් නියමව සිටින දෙමටගොඩ චමින්ද නමැත්තා විසින් මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
භාරත ලක්ෂ්මන් ඝාතන චෝදනාවට
වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැත්තා අධිකරණයට කැඳවාගෙන පැමිණි අවස්ථාවකදී උසාවි භූමියේදීම එම නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙලෙස පරීක්‍ෂණ සිදු කරන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

දෙමටගොඩ චමින්ද නමැත්තා අධිකරණයට කැඳවාගෙන පැමිණීම නිසා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ භූමියට හා ඒ අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්‍ෂාව යොදා තිබිණි.
( බුද්ධිමාල් රුබේරු )
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment