ඔත්තු බලන ඇමරිකානු යානයක්‌ මත්තලට රහසේ ගොඩබායි..

හම්බන්තොට මාගම්පුර වරායේ විදේශ නැව් දෙකක්‌ ප්‍රාණ ඇපයට ගැනීමේ සිදුවීම මැද ඇමරිකානු නාවික හමුදාවේ අධි තාක්‍ෂණික විද්යුත් උපාංග සහ සෙන්සර උපාංගවලින් යුත් පොසිඩන් නමැති ඔත්තු බැලීමේ යානාව මත්තල ගුවන්තොටුපළට පැමිණීමේ සිද්ධියක්‌ අනාවරණය වී ඇත.

නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමග අභ්‍යාසවල යෙදීමට බව දක්‌වමින් කටුනායක ගුවන් තොටුපළට පැමිණි එම ඔත්තු සේවා යානාව එකවරම මත්තල ගුවන් තොටුපළට ගොඩ බා පසුව පිටත්ව ගොස්‌ තිබේ. ආරක්‍ෂක ආරංචි මාර්ග දක්‌වන්නේ මත්තල ගුවන්තොටුපළේ කිසිදු හමුදා අභ්‍යාසයක්‌ නොතිබූ බවයි. 


ඉන්දීය සාගරයේ නෞකා මාර්ග මෙන්ම මුහුදු කොල්ලකරුවන් හා චීන නැව් ගැන විමර්ශනයේ යෙදීමට මෙම ඔත්තු බැලීමේ යානා යොදවා ඇත. මත්තල ගුවන්තොටුපළට මෙයට පෙර ඇමරිකානු කිසිදු ඔත්තුබැලීමේ යානාවක්‌ පැමිණ නැත.

මෙකී ඇමරිකානු යානාවට මත්තලට ගොඩබැසීම සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය අවසර දී තිබිණි. එහෙත් එම යානාව මෙරටට පැමිණීම හා එය මත්තල ගොඩබෑම සම්බන්ධව තොරතුරු වසන් වී ඇත.

මේ පිළිබඳව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසුවේ මාගම්පුර වරායේ නැව් දෙකක්‌ ප්‍රාණ ඇපයට ගැනීමේ සිදුවීමක්‌ පවතින අවස්‌ථාවේ ඔත්තු බැලීමේ ඇමරිකානු යානාවක්‌ මත්තලට පැමිණීම නීති විරෝධී බවයි.

– දිවයින
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment