මම කඩපු මාධ්‍ය ආචාර්ධර්ම මොනවාද කියන්න - දිවයින - හිරු මාධ්‍යවේදියා අසයි



හම්බන්තොට මාගම්පුර වරායේදී නාවික හමුදාපතිවරයාගෙන් පහරකෑමට ලක්‌වූ "දිවයින" හා හිරු ටී. වී. ප්‍රාදේශීය මාධ්‍යවේදී රොෂාන් ගුණසේකර මහතාට එරෙහිව දැනට පවතින විවේචනවලට ඔහු දිවයින පත්‍රයට පිළිතුරක් සෙමින් මෙසේ අසා ඇත.
‘හම්බන්තොට වරාය

සේවකයන්ගේ විරෝධතාව වාර්තා කරන්න ගිහින් මම මාධ්‍ය ආචාරධර්ම කඩ කළේ නැහැ. මම ගියේ සත්‍ය සිදධිය වාර්තා කරන්නයි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් අහන්න කැමතියි මං කඩකරලා තියෙන මාධ්‍ය ආචාරධර්ම මොනවාද කියලා.

ඇත්තටම මම එදා ගියේ වරාය සේවකයන්ගේ විරෝධතාව ආවරණය කරන්න මිසක්‌ වෙන දේකට නොවෙයි. ඒ විරෝධතා ව්‍යාපාරය අතරතුර තමයි නාවික හමුදාව ආවේ. නාවික හමුදාපතිවරයා මට පහරදෙන වෙලාවේ කුණුහරුපයෙන් බණිමින් හැසිරුණේ අන්තිම අශෝභන විදිහටයි.
මම මේ සිද්ධියට අදාළ හම්බන්තොට සහකාර පොලිස්‌ අධිකාරිවරයාට කරන ලද පැමිණිල්ල තාම ඒ විදිහටම තියෙනවා.‘
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment