මහින්දගේ ඉල්ලීමට මෛත්‍රීගෙන් පොරොන්දුවක්!

මහින්දගේ ඉල්ලීමට මෛත්‍රීගෙන් පොරොන්දුවක්!

මාගම්පුර වරායේ සේවකයන්ගේ රැකියා අහිමි නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් තමන් ඉල්ලා සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා තමන්ට පොරොන්දු වූ බව ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මාගම්පුර වරායේ ශ්‍රීලනිප පාක්‍ෂිකයන් මෙන්ම එජාප පාක්‍ෂිකයන් ද සේවය කරන බවත් වර්ජකයන් සේවයෙන් ඉවත් කිරීමට හේතු සෙවීම අසාධාරණයක්‌ බවත් හිටපු ජනපතිවරයා පෙන්වා දෙයි.

මාගම්පුර වරායේ ප්‍රශ්නය තමා අග්‍රාමාත්‍යවරයා සමඟද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපතිවරයා පැවසී ය.

ඉල්ලීම් කිහිපයක්‌ මුල් කර ගනිමින් හම්බන්තොට වරායේ සේවකයන් ආරම්භ කර තිබෙන වර්ජනය මෙන්ම ඊට රජය ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ජාතික පුවත්පතකට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment