නාවික හමුදාපතිට සේවා දිගුවක් නොලැබෙන ලකුණු

නාවික හමුදාපතිට සේවා දිගුවක් නොලැබෙන ලකුණු

මාගම්පුර වරායේ සිරකරගෙන සිටි නැව් දෙකක් මුදාගැනීමට ක්‍රියාකිරීමේදී මාධ්‍යවේදියෙකුට පහරදීමත් සමග රටේ කතාබහට ලක්වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට සේවා දිගුවක් ලබා නොදීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් දෙපළ විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ තීරණය ගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

නාවික හමුදාපතිවරයා ලෙස රවින්ද්‍ර විජේගුණරත්න මහතා 2015 ජූලි 11දා වැඩභාර ගත් අතර ඒ මහතා ලබන වසරේ පෙබරවාරි 22දා විශ්‍රාම යෑමට නියමිතය. නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න මහතා වෙත සේවා දිගුවක් ලබා නොදුන්නද ඔහුට වෙනත් ඉහළ තනතුරක් ලබාදීමට ද රජය තීරණය කර තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment