නිල්වලා බෝම්බයෙන් ආණ්ඩුව පුපුරන්න යයි.. රාජපක්‍ෂලාට චෝදනා නැති නම් විමර්ශන නවතන්න යයි..

නිල්වලා ගග ව්‍යාප්තිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පසුගියදා ගාල්ලේ දි කල ප්‍රකාශය අනුව සිදු වී ඇති බව කියන රුපියල් කෝටි 420 ක් පමණ වූ මුදල් අතුරුදහන් වීමක් සම්බන්ධයෙන් FCID ආරම්භ කර තිබූ විමර්ශන අත්හිටුවීමට සූදානම් වන බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය මෙතෙක් භාරව සිටි අමාත්‍යවරුන් ගෙන් කට උත්තර ගැනීම පසුගියදා FCID ආරම්භ කොට තිබුනි. එසේම මුදල් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් කිහිප දෙනෙකුගේ සාක්ෂි මේ වෙනවිටත් සටහන් කරගෙන ඇත.

මේ තත්වය මත සම්මුති රජය පවත්වාගෙන යන ශ්‍රීලනිප ඇමතිවරුන් අපහසුවට පත්වී කලකිරුණහොත් ඉදිරියට රජය පවත්වාගෙන යාමේ අර්බුදයක් ඇතිවේයැයි ඉහළ පෙලේ සාකච්චාවක්ද සිදුව ඇති අතර ඒ අනුව අදාළ අංශ දැනුවත් කොට ඇත්තේ ගිය රජයේ පාලකයින්ට නිල්වලා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චෝදනා ගොනු කල නොහැකි නම් පරීක්‍ෂණ හදිසි නොවන බවයි.

ප්‍රශ්නගත වකවානුවේදී එනම් 2015 ජනවාරි 8න් පසු නව රජයේ වාරිමාර්ග අමාත්‍යවරයා දුමින්ද දිසානායකය, වර්තමානයේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසාය, කෝටි 420 ක් මුදල් ලබා ගන්නා අවස්ථාවේ අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා විය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment