සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඊට අදාළව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙන එනු ලැබූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
එවකට මෙරට තුළ පැවති ආරක්ෂක වාතාවරණය හමුවේ ආර්ථික මර්මස්ථාන, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන ඇතුළු විශේෂ ස්ථානවලට ආරක්ෂාව සපයමින් සිටි සන්නද්ධ හමුදා සාමාජිකයින් එම ස්ථානවලින් ඉවත් කර රටේ නීතිය හා සාමය රැකීමේ කටයුතු සඳහා යෙදවීමේ අවශ්‍යතාව මතු වූ බැවින් එවැනි ආයතනවලට ආරක්ෂාව සැපයීම සඳහා රජයට අනුබද්ධ ආරක්ෂක සේවයක් ලෙස සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම පිහිටුවන ලද බව සඳහන් වේ.
කෙසේ වෙතත් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින සාමකාමී වාතාවරණය යටතේ රජයට අනුබද්ධ පෞද්ගලික ආරක්ෂක සේවාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව පෙනී ගොස් ඇති බව එකී යෝජනාවේ දැක්වෙයි.
ඒ අනුව සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් දැනට ඉටු කරනු ලබන ගොඩබිම ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතද, සාගර ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතද පැවරීමටත්, නීතිපතිතුමාගේ උපදෙස් අනුව මෙම සමාගම ඈවර කිරීමේ කටයුතු සිදු කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ගෝටාගේ ඇට දෙකත් ඈවර කලානම් හොඳයි. හොර සිකියුරිටි ඒජන්සි කලාට.
ReplyDelete