දිවිනැඟුම අරමුදලේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ලවන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ තවත් අයෙකුට එරෙහිව යළි අධි චෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා තීරණය කර තිබේ.
ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම සඳහා දිවිනැඟුම අරමුදලේ මුදලින් රුපියල් මිලියන 29ක් වියදම් කර රජයේ මුදල් අවභාවිතා කළ බවට බැසිල් රාජපක්ෂ සහ දිවිනැඟුම අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට ඉදිරිපත් කර තිබුණු අධි චෝදනා තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව ඉවත්කරගන්නා බවත් නැවත නඩු පැවරීමට ක්‍රියාකරන බවත් දන්වමින් ඊයේ(06) දිනයේ පැවති අධි චෝදනා ඉවත් කරගන්නා ලදී.
එසේ වුවද අද(07) දිනයේ එම චෝදාවට අදාළව යළි අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා විසින් පියවර ගෙන ඇත.
0 comments :
Post a Comment