පාතාල නායක උදම්මිට සමරේ මහමගදී වෙඩිකා නසී

http://ift.tt/2i4p9sd

සරණගේ හිතවතා
පාතාල නායක උදම්මිට සමරේ
මහමගදී වෙඩිකා නසී (Photos)



ඊයේ (24) රාත‍්‍රී 10.55ට පමණ වේයන්ගොඩ නගරයේදී සිදුවී ඇති වෙඩි තැබීමකින් ‘උදම්මිට සමරේ‘ නමති පාතාල නායකයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබුවා.වේයන්ගොඩ සිට නිට්ටඹුව දෙසට ඇති මාර්ගයේ දී ඇල්ලේ ඔය හරහා ඇති පාලම අසළ ගමන් ගනිමින් තිබුණ
සුඛෝපභෝගී වාහනයකින් උදම්මිට සමරේ සිය සගයන්

සමග ගමන් ගිනිමින් සිටියදී  පසුපස යතුරු පැදිවලින් ආ පිරිසක් වෙඩි තැබීම සිදු කර ඇත.වාහනයේ  වම් පස වීදුරුවේ ද වෙඩි සලකුණු කිහිපයක්ම සටහන් වී තිබූ අතර වාහනයේ පිටුපස ගමන් ගත් දෙදෙනාට කිසිදු හානියක් සිදුවී නැත.

ඉදිරිපස සමරේ වෙඩි පහර කා එතැනම මිය ගිය බවත් අනෙක් පුද්ගලයා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් වාර්තා වුණා.

වෙඩි වැදීමෙන් පසුව පාලම මැද ඇති පදික වේදිකාවේ ද එම වාහනය වැදී පාලනයකින් තොරව තවත් මීටර් 50ක් පමණ වාහන ධාවනය වී මාර්ගයෙන් ඉවත කණුවක ගැටී නතර වී තිබෙනවා. වෙඩි තැබීම සිදු කළ අය යතුරු පැදිවලින් පැමිණි  බවට සාක්ෂි ලැබී ඇත.

මියගිය උදම්මිට සමරේ නිට්ටඹුව එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සුරංග පීරිස් ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළ පළමු සැකකරු වූ අතර ඔහුගේ සැබෑ නම සමරදිවාකර රාජපක්ෂ මොහොට්ටි අප්පුහාමිලාගේ ජානක සමන්ත කුමාර සමරදිවාකර ලෙස දැක්වේ.
ඔහු ප්‍රදේශයේ නමගිය පාතාල අපරාධ රැසකට සම්බන්ධ බවට පසුගිය කාලයේ ආන්දෝලන ඇති කර තිබුණ අතර අත්තනගල්ල සහ නිට්ටඹුව ප්‍රදේශය ‘පුංචි යාපනයක්‘ බවට ඔහු විසින් පත්කර තිබූ බව ප්‍රදේශ වාසීන්ගේ අදහසයි.

‘අඹුත් නැහැ දරුත් නැහැ’ යන්න ඔහුගේ ආදර්ශ පාඨය වූ බවත් කියැවේ.දේශපාලනඥ සරණ ගුණවර්ධන සමග කිට්ටු සබඳතා පැවැත්වූ අයෙකු ලෙසද ඔහු ප්‍රකටය.
වේයන්ගොඩ පොලිසිය සිද්ධිය ගැන පරීක්‍ෂණ පවත්වනු ලබනවා.

ඡායාරූප සහ තොරතුරු- කැලූම් චම්පික




















Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment