බැඳුම්කර වංචාව: පරික්ෂණවලට නීතිපතිගෙන් පොලීසියට උපදෙස්

බැඳුම්කර වංචාව: පරික්ෂණවලට නීතිපතිගෙන් පොලීසියට උපදෙස්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කර තිබේ.

අදාළ පැමිණිල්ල මත පදනම්ව පරික්ෂණ සිදු කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නෛතික උපදෙස් ලබා දුන් බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා පවසයි.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහය යටතේ එම පරික්ෂණය සිදු කළ යුතු ආකාරය පිළිබඳවත්, ප්‍රකාශ සටහන් කර ගත යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොලීසියට උපදෙස් ලබා දී තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනයෙන් අනතුරුව බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ හැකි බව නීතිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment