ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුල නොහික්මුණ ලෙස හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව රතු කාඩ්පත් භාවිතා කිරීමේ අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව නොහික්මුණු ලෙස හැසිරෙන ක්‍රීඩකයින්ට රතු කාඩ්පතින් අවවාද ලබාදීම සහ ඔහු පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවරුන්ට අවස්ථාව හිමිවනු ඇත.
2017 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර විනිසුරුවරුන්ට තර්ජනය කිරීම, ශාරීරික වද හිංසා හා වෙනත් නීතිවිරෝධී ක්‍රියාවකදී මෙම රතු කාඞ්පත භාවිතා කිරීමට ඔවුන්ට හැකියාව පවතී.
0 comments :
Post a Comment