පර්දාව පැලඳි මුස්ලිම් සිසුවියන්ට විභාග ශාලා තහනම් කළා කියා අධ්‍යාපන ඇමැතිට පැමිණිලි


පර්දාව පැලඳි මුස්ලිම් සිසුවියන්ට විභාග ශාලා තහනම් කළා කියා
අධ්‍යාපන ඇමැතිට පැමිණිලි

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතරතුර විභාග මධ්‍යස්ථානය තුළට විභාග අපේක්ෂක මුස්ලිම් ශිෂ්‍යාවන් පර්දාව පැලඳ ඇතුළු වීමට විභාග ශාලාධිපතිනිය ඉඩ ලබා නොදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් නාවලපිටිය ශාන්ත මේරි විභාග මධ්‍යස්ථානයේදී නොසන්සුන් වූ මවුපියෝ
ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන
අමාත්‍යවරයාට පැමිණිලි කර තිබේ.
මෙම විභාග මධ්‍යස්ථානයේ මුස්ලිම් ශිෂ්‍යාවන් 16 දෙනකු විභාගය සඳහා පෙනී සිටින අතර ඔවුන් සියලු දෙනාගේ පර්දාවන් ඉවත් කරන ලෙස දැනුම් දීම නිසා ඔවුන්ගේ විභාග මානසිකත්වය ගිලිහී ව්‍යාකූල තත්ත්වයට පත්වීමෙන් නිසි ලෙස විභාගයට පෙනී සිටීමට නොහැකි වූ බවට මෙම මවුපියෝ චෝදනා කරති.

විභාග මධ්‍යස්ථානය අසල ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආනන්ද ප්‍රේමසිරි මහතා එම ස්ථානයට පැමිණ ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරනු ලැබීය.

මෙම සිද්ධිය පිළිබඳව අධ්‍යක්ෂවරයාගෙන් විමසීමේදී ඔහු සඳහන් කෙළේ විභාගයට පෙනී සිටින අපේක්ෂකයාගේ හැඳුනුම්පත අනුව සැබෑ පෙනුමේ වෙනසක්ද නොතිබිය යුතු බවයි. ඒ අනුව විභාග නීතිරීතිවලට අනුව ශාලාධිපතිනිය හා පරීක්‍ෂකවරුන් ක්‍රියා කොට ඇති බවත් සංස්කෘතිය පදනම් කරගනිමින් මවුපියන් අනවශ්‍ය කලබලයක් ඇති කොට ඇති බව තහවුරු වී ඇති බවත්ය.
(ගම්පොළ - මාධව බණ්ඩාර)

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment