ජනපතිට අගමැතිට ෆේස්බුක් කොපි පේස්ට් තරුණයා රිමාන්ඩ්


ජනපතිට අගමැතිට ෆේස්බුක් අපහාස කළ තරුණයා රිමාන්ඩ්
- කොපි පේස්ට් කළා කිව්වට ඇප නොලැබේ

ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ජනපතිට, අගමැතිට හා විපක්ෂ නායකට මරණ තර්ජන එල්ල කරමින් හඬ පටයක් ප්‍රචාරය කළැයි කියන රත්ගම දිනූෂ් චාමර නම් තරුණයකු දෙසැම්බර් 15 දක්වා රිමාන්ඩ් කිරීමට
කොළඹ ප්‍රධාන
මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද(08) නියෝග කළේය.
26 හැවිරිදි මෙම තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු වෙනු‍‍වෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා ඇත්තේ වෙනත් අන්තර්ජාල පිටුවකින් ලබාගත් තොරතුරක් ඔහු එසේ පළ කර ඇති බැවින් සැකකරුට ඇප ලබාදෙන ලෙසයි.

කෙසේ වුවද මෙම සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ බව රහස් පොලීසිය අධිකරණයට දන්වා තිබේ.
කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 15 තෙක් රිමාන්ඩ් කිරීමටත්, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැනුම්දෙන ලෙසත් නියෝග කළේය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment