තලතා මිලියන 1500 වංචා කළැයි ඒකාබද්ධ ටොප්ටෙන් මෙහෙයුමෙන් පැමිණිලි



රුපියල් මිලියන 1500 ක වංචාවක්‌ සිදුකර ඇති බවට චෝදනා කරමින් විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මියට හා විදේශ සේවා නියුක්‌ති
කාර්යාංශයේ සභාපතිවරයාට
එරෙහිව පූර්ණ පරීක්‍ෂණයක්‌ ඉල්ලා ඒකාබද්ධ විපක්‍ෂය විසින් අල්ලස්‌ හෝ දූෂණ කොමිසමට හා රහස්‌ පොලිසියට ඊයේ (7 දා) පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරන ලදී.
2015 අගෝස්‌තු මස 26 වැනි දින සිට ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයන් සඳහා හඳුන්වා දී ඇති රක්‍ෂණ ක්‍රමයක්‌ මගින් රුපියල් මිලියන 1500 ක වංචාවක්‌ සිදුකර ඇති බවට මේ වෙනුවෙන් ගිය මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා පැවැසීය.
ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් දස දෙනකුට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂ ටොප් ටෙන් වැඩපිළිවෙළ යටතේ අගමැතිවරයා හා තවත ඇමතිවරු 2 කට මේ වනවිට පැමිණිලි දමා ඇති අතර හතරවන ඇමැතිනිය වන්නේ ඇයයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment