ලෝක උරුමයට අලුතින්ම එක්වුණු ලංකාවේ සුන්දර ගම්මානය

ලෝක උරුමයට අලුතින්ම එක්වුණු ලංකාවේ සුන්දර ගම්මානය

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලුගස්වැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි හොරිවිල හා උඩ කඩවල ගම ලෝක උරුම කෘෂිකාර්මික බිම් ප්‍රදේශයක් ලෙස නම් කිරීමට යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

හොරිවිල ගම් ප්‍රදේශය ලෝක උරුම බිමක් ලෙස නම් කිරීම සදහා හේතු පාදක වී ඇත්තේ ලෝකයේ කිසිදු රටක නොමැති ඇළ ගංගා පද්ධතිය , වැව් 12 ක ජලය වැවෙන් වැවට සම්බන්ධවීම, අරපිරිමැස්ම, ගොවිතැන් රටාව ,හෙළ පාරම්පරික වෙදකම ,ඉපැරණි සිංහල සංස්කෘතිය තවමත් පැවතීම, දේශීය ආහාර රටාව, දේශීය සටන් කලාව, ආදී කරුණු රැසක් එකම ප්‍රදේශයක පැවතීම බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට උප නියෝජිත ආචාර්ය බී .ජී .පී .විජේරත්න මහතා පැවසිය.

මේ දිනවල හොරිවිල ප්‍රදේශය හා වෙදකම ආදී දේ පිළිබඳව සොයා බැලීම සඳහා චීන ජාතිකයෙකු වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රෝමයේ කෘෂිකර්මික ජාතික උරුමයන් පිළිබඳ සංවිධානයේ තාක්ෂණික කමිටුවේ ලේකම් මහාචාර්ය මින්ග් මහතා ප්‍රමුඛ කණ්ඩායම මේ දිනවල පැමිණ සිටිති. 

ඒ අනුව ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු වටපිටාව මේ ප්‍රදේශයේ පවතින බව ඔවුහු ප්‍රකාශ කරති.

බොහෝ දුරට පෙබරවාරි මාසයේ දී ලෝකයේ ප්‍රථම කෘෂිකාර්මික ඇළ ගංඟා පද්ධතිය සහිත ලෝක උරුම බිම්කඩක් ලෙස හොරිවිල ගම නම් කිරීමට නියමිතය.

- දඹුල්ල කාංචන කුමාර -

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment